දින කිහිපයක් පුරා දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 56කට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 08ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (04) පස්වරුවේ නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
ආපදා තත්ත්වයෙන් පවුල් 3,014කට අයත් පුද්ගලයින් 11,832ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන්ව ඇත.
පූර්ණ නිවාස හානියක් සහ අර්ධ නිවාස හානි 290ක් වාර්තා වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් සිය වාර්තාවේ සඳහන් කරයි.














