ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන සේවාව නව මට්ටමකට රැගෙන යමින්, ප්‍රධාන නගර, උපනගර සහ ව්‍යාපාරික ප්‍රදේශ සම්බන්ධ කරන Metro Bus මාර්ග 7ක් හඳුන්වා දීමට Lanka Metro Transit ආයතනයට හැකි වූ බව ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව අලුතින් හඳුන්වා දෙන මාර්ග පහත දැක්වේ.
- CM01 – මාකුඹුර ↔ කොළඹ කොටුව (පිටකොටුව හරහා)
- CM02 – මිලේනියම් සිටි ↔ කොළඹ කොටුව
- CM03 – කඩවත ↔ මාකුඹුර
- CM04 – දෙමටගොඩ ↔ පානදුර
- CM05 – බත්තරමුල්ල ↔ ඒකල
- CM06 – කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
- CM08 – කැස්බෑව ↔ පිටකොටුව
මෙම සියලු මාර්ග සැලසුම් කර ඇත්තේ දෛනික මගීන්ට වඩාත් ආරක්ෂිත, සුවපහසු, කාර්යක්ෂම සහ විශ්වාසදායක පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණෙන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔබගේ ගමනට වඩාත් සුදුසු මාර්ගය තෝරා ගැනීම සඳහා, එක් එක් මාර්ගයේ මාර්ග සිතියම් සහ නැවතුම් ස්ථාන පිළිබඳ විස්තර පරීක්ෂා කරන ලෙස ද ඔහු මගීන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.


















