ශ්‍රී ලංකාවේ 25 වන යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (31) දින ශ්‍රී ලංකා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වේ.
කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු 1989 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකා හමුදා නිත්‍ය බලකායට කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වීමෙන් සිය හමුදා ජීවිතය ආරම්භ කළේය. ඔහු 2024 දෙසැම්බර් 30 වන දින හමුදාපති ධුරයට පත්විය.














