සාධාරණ පදනමකින් තොරව තමන්ට රිසි පරිදි මිල තීරණය කරන වෙළඳසැල්වල වෙළඳුන් වැටලීම සඳහා විමර්ශන නිලධාරීන් 272 දෙනෙකු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා යොදවා ඇති බව අනාවරණය වෙයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් ලේකම්වරයාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන නිලධාරීන් තම මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇත.
පාරිභෝගික ජනතාව අසාධාරණයට ලක් කරන වෙළඳසැල්වල වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිරන්තරයෙන් නීතිමය පියවර ගනිමින් සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ලබා දුන් පිළිතුරෙන් මේ බැව් කියැවිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරු කථාවට අනුව, අසාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම පාලනය කිරීමට අධිකාරිය සතුව වැඩපිළිවෙළක් පවතියි. පාලන මිලට භාණ්ඩ සුළු ප්‍රමාණයක් ඇත. පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම දඩයකට යටත් වන අතර මේ දක්වා විශාල දඩ මුදලක් අය කරගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දෛනිකව සහ විශේෂ උත්සව සමයන්හිදී දිවයින පුරා වෙළඳපොළ වැටලීම් සහ පරීක්ෂාවන් සිදු කරනු ලබයි. මීට අමතරව, පාලන මිලක් නියම කර ඇති භාණ්ඩ සඳහා එම මිල ගණන් ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.













