ප්‍රවීන දකුණු ඉන්දීය ගායිකා එස්. ජානකී දිවි ගමනට සමුදෙයි

දකුණු ඉන්දියානු චිත්‍රපට දහස් ගණනක පසුබිම් ගීත ගායනා කළ ප්‍රවීණ ගායිකා එස්. ජානකී අද (11) කර්නාටකයේ මයිසූර් හිදී මිය ගියාය. මිය යන විට ඇය 88 වැනි වියේ පසුවිය.

සෞඛ්‍ය ගැටලු ඇතිවීමෙන් පසු ජානකී අද අලුයම මයිසූර් හි ඇපලෝ රෝහලට ඇතුළත් කරන ලද බවත් සවස් වරුවේ අවසන් හුස්ම හෙළූ බවත් පවුලේ ආරංචි මාර්ග පවසයි. ජානකී පසුගිය වසර කිහිපය තුළ මයිසූර් හි බෝගාඩි හි පදිංචිව සිට ඇත.

ජානකී යුග සහ කාලයේ සීමාවන් ඉක්මවා ගොස් දකුණු ඉන්දියාවේ සෑම සංගීත අධ්‍යක්ෂවරයෙකුටම පාහේ ගායනා කළාය. එස්. රාජේෂ්වර රාඕ, කේ.වී. මහදේවන්, එම්.එස්. විශ්වනාදන්, පී. දක්ෂිණ මූර්ති, ඉලයරාජා සිට ඒ.ආර්. රෙහ්මාන් ඒ අතර විය.

(ද හින්දු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website