අදාළ ප්‍රදේශවල ඩෙංගු පැතිරීම සලකා බලා විශ්වවිද්‍යාල වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා පවසයි.
විශ්වවිද්‍යාල තුළ ඩෙංගු පැතිරීම පාලනය කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටින බව කී ලියනගේ මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සහාය ඇතිව කොළඹ විශ්වවිද්‍යාලය විසින් මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව ද සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනටමත් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්වවිද්‍යාලවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු පැවසීය.












