වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) සිට ක්‍රියාත්මක විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
අවශ්‍ය ගැලපීම් පිළිබඳව ජාතික ප්‍රවාහන කොමිසමට දැනටමත් දැනුම් දී ඇති බව ද ඔහු සඳහන් කළේය.
“ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අවශ්‍ය සියලු තොරතුරු අපි ජාතික ප්‍රවාහන කොමිෂමට ලබාදී තිබෙනවා. නමුත් ඔවුන් මේ දක්වා අපට පිළිතුරක් ලැබී නැහැ. නමුත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව අපේක්ෂිත ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක නොකළහොත් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.












