තම බිළිඳු දියණියගේ භාරකාරත්වය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් මව්වරුන් සහ දරුවන් සඳහා වූ මධ්‍යස්ථානයකට වෙඩි තබා පුද්ගලයින් හය දෙනෙකු ඝාතනය කර ඇති බව ජර්මානු පොලිසිය පවසයි.
ඩැන්කර්ස්ට්‍රාස් හි තරුණ සුභසාධන මධ්‍යස්ථානයක මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර මිය ගිය පිරිස එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් බව පොලිසිය පැවසුවේය.
ප්‍රහාරයෙන් කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇත.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ මාස තුනක් වයසැති බිළිඳා සහ ඇගේ මව ඒ වන විට කාර්යාලයේ සිටි නමුත් ඔවුන්ට හානියක් සිදු නොවූ බව නිලධාරීහු පැවසූහ.
සැකකාර තුවක්කුකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීම “පවුලේ හේතූන් මත සිදු කර ඇති” බව පෙනෙන්නට ඇති බව බලධාරීන් පැවසූහ.
ඔවුන් එය හැඳින්වූයේ “කිසිදු දේශපාලන හෝ ආර්ථික අභිප්‍රායකින් තොරව අතිශය කෲර ආකාරයකින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවක්” ලෙසයි.
තුවක්කුකරු ජර්මනියේ උපත ලබා හැනෝවර් හි ජීවත් වන 45 හැවිරිදි තුර්කි ජාතිකයෙකු බව බලධාරීන් තහවුරු කළේය.
තම දියණියගේ භාරකාරත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යස්ථානයේදී ඔහුට හමුවීමක් තිබූ බව බලධාරීන් පැවසුවේය.
“තර්ජන සම්බන්ධයෙන්” ඔහු පොලිසියට හුරුපුරුදු නමුත් “විශේෂයෙන් ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු” ලෙස නොසැලකූ බව පොලිසිය පැවසුවේය. ඔහුට ගිනි අවි බලපත්‍රයක් ද නොතිබුණි.
බීබීසී ඇසුරිණි















