2026.06.27 දින රාත්රී වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ ප්රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට වීරකැටිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 30 ක් වූ හකුරුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකල සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම ආරවුල අතරතුර සැකකරුගේ මවද තුවාල ලබා වීරකැටිය රෝහලේ ප්රතිකාර ලබයි.
මැදමුලන ප්රදේශයේ පදිංචි අවුරුදු 29 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය වීරකැටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.








