රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සිසුවියක් ඩෙංගු උණ වැළඳී මිය ගොස් තිබේ. ඇය මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
විශ්වවිද්‍යාල පරිශ්‍ර පුරා ඩෙංගු වැළැක්වීමේ සහ පාලන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස විශ්වවිද්‍යාල සිසුන් පරිපාලනයෙන් දැඩි ඉල්ලීමක් කර ඇත.
මේ අතර, මාතර මහ නගර සභා ප්‍රදේශය ඩෙංගු සම්ප්‍රේෂණය සඳහා ඉහළ අවදානමක් පවතින බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇති බව ද වාර්තා වේ.
















