බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස CIDයට නියෝග

අද (17) දින මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

නඩු කටයුතු අතරතුර, තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ තම සේවාදායකයා රහසිගත ප්‍රකාශයක් කිරීමට කැමැත්තෙන් සිටින බව දැනුම් දුන්නේය.

2014 දී ප්‍රවර්ධන කටයුතු සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කරන ලද රුපියල් මිලියන 7.8ක් වෙනුවට ඌව පළාත් සභා මැතිවරණයේදී ටී-ෂර්ට් 12,000ක් බෙදා හැරීමට යොදා ගෙන ඇති බවත්, එමඟින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළහ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් මහතා විදේශ ගමන් තහනමක් පැනවූ අතර ඔහුව රුපියල් මිලියනය බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩුව ඔක්තෝබර් 14 වන දින නැවත කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website