2026.06.03 දින හොරණ බැංකුවක මුදල් උප ශාඛාවන් වෙත රැගෙන යාමට සූදානම් කර එම ආයතනයෙන් පිටතට රැගෙන ඒමේදී නාඳුනන පුද්ගලයෙකු විසින් මුදල් රුපියල් 35,000,000/= ක් (තුන්කෝටි පනස්ලක්ෂයක් ) කොල්ලකන ලද බවට හොරණ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකර 2026.06.05 වන දින උදෑසන අඟුරුවාතොට පොලිස් වසමේ නගර සභා ක්රීඩා පිටිය අසලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු වන එම බැංකුවේම අතිරේක කළමණාකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් එම බැංකුවේම ආරක්ෂක නිලධාරියෙකු සොරා ගන්නා මුදලින් රුපියල් 1,740,000/= (දාහත්ලක්ෂ හතලිස් දහසක්) සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 43 හා 54 වයස්වල පසුවන හොරණ හා බුලත්සිංහල ප්රදේශවල පදිංචිකරුවන් වේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.












