Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව විසින් සංවිධානය කරනු ලබන “Take care – සුරැකෙමු මඟතොට” දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් ප්‍රධාන වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (26) උදෑසන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත් වුණේය.
ජනාධිපති ලේකම්වරයා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ හා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා විසින් මෙහිදී දේවි බාලිකා විද්‍යාලයේ දරු දැරියන් හා ගුරුභවතුන් Clean Sri Lanka ජාතික වැඩසටහනේ අරමුණ පිළිබඳව හා මාර්ග ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් කරන ලදී.














