මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය  අඛණ්ඩ වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කරයි

වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය අද (21) සිට දින නියමයක් නොමැතිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමයේ සභාපති උමේෂ් අළුතපාල මහතා පැවසුවේය.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද, එම සාකච්ඡාවලදී දුන් පොරොන්දු තවමත් ඉටු වී නොමැති බව ඔහු පැවසුවේය.

“මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වැනි බාහිර කමිටුවලට සහභාගී වීමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. එසේම මාර්ග සංවර්ධන අධිකාරියට සෘජුවම සම්බන්ධ නොවූවත්, මාර්ග සංවර්ධන අධිකාරිය පනත යටතේ විධිමත් ලෙස පවරා නොමැති ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීමට ඉංජිනේරුවන් තීරණය කර තිබෙනවා. මෙම තීරණය ව්‍යාපෘති සම්බන්ධීකරණ කටයුතුවල දී දුෂ්කරතා ඇති කළ හැකියි. බලධාරීන් අපේ වෘත්තීය ගැටලුවලට විධිමත් කඩිනම් විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තව දුරටත් තීව්‍ර කිරීමට අපි පියවර ගන්නවා” උමේෂ් අළුතපාල මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website