‘ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය’ හෙට (19) ජනපතිගේ ප්‍රධානත්වයෙන් රණවිරු ස්මාරකය අභියස දී

යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ‘ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සහන් කළේය.

මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website