Update: දිස්ත්‍රික්ක 12ක ප්‍රා.ලේ කොට්ඨාශ රැසකට 01 සහ 02 අදියරේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) ප.ව 04.00ට නිකුත් කළ නිවේදනයක් මඟින් දිස්ත්‍රික්ක රැසක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක් සඳහා 01 සහ 02 අදියරේ නායයෑම් පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මී 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තව දුරටත් පවතී නම් නායයෑමේ,  බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළව ගිලා බැලීමේ අවදානම පිළිබඳව විමසිලිමත් වන ලෙසයි.

01 අදියර (කහ – විමසිලිමත්) නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ,

දිස්ත්‍රික්කයප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ – 01 අදියර (කහ – විමසිලිමත්)ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – 02 අදියර (ඇම්බර් – අවධානය)
බදුල්ලහාලිඇළ, බණ්ඩාරවෙල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (DSD) සහ අවට ප්‍රදේශ. 
කොළඹසේදවත්ත 
ගාල්ලඇල්පිටිය, නියාගම, තවලමනෙළුව
කලුතරඉංගිරිය, බුලත්සිංහලබදුරලිය, හොරණ, මතුගම, අගලවත්ත සහ වලල්ලාවිට
  මහනුවරතුම්පනේ, ගඟ ඉහළ කෝරළය, දෙල්තොට, යටිනුවර, පන්විල, ගඟවට කෝරළය, උඩපළාත, පස්බාගේ කෝරළය, දොළුව, හාරිස්පත්තුව, අකුරණ, පාතහේවාහැට, හතරලියද්ද, උඩුනුවර සහ පූජාපිටිය 
කෑගල්ලමාවනැල්ල, වරකාපොල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, යටියන්තොට,  රුවන්වැල්ල, කෑගල්ල, රඹුක්කන සහ අරණායක 
කුරුණෑගලරිදීගම, නාරම්මලඅලව්ව
මාතලේනාඋල, අඹන්ගඟ කෝරළය සහ රත්තොට 
මාතරපිටබැද්දර 
මොනරාගලබිබිල, බඩල්කුඹුර, වැල්ලවාය 
නුවරඑළියබටහිර කොත්මලේ, නෝර්වුඩ් සහ අඹගමුව කෝරළය 
රත්නපුරකුරුවිට, ගොඩකවෙල, කිරිඇල්ල, අයගම, ඇහැලියගොඩ සහ කලවානපැල්මඩුල්ල සහ රත්නපුර
   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website