ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (13) දිස්ත්‍රික්ක එකොළහකට (11) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට 01 සහ 02 අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර එය හෙට (14) පෙ.ව. 09.00දක්වා ක්‍රියාත්මක වේ.
01 අදියර (කහ) විමසිලිමත් – බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
02 අදියර (ඇම්බර්) අවධානය – බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.
අදාළ නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.














