පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්රික්ක පහක ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා අදියර 01 (විමසිලිමත් – කහ වර්ණය) නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අද (11) රාත්රී 9.00 දක්වා අදාළ බල පැවැත්වීම ක්රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ පස්සර, කුරුණැගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ නාවුල, අඹන්ගඟ කොරලේ, රත්තොට, මොනරාගල දිස්ත්රික්කයේ බඩල්කුඹුර, වැල්ලවාය, රත්නපුර දිස්ත්රික්කයේ ගොඩකවෙල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.












