මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශවයකට මාරු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (07) පාර්ලිමේන්තුවට පැවසීය.
භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශවයකට මාරු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
සිද්ධියට වගකිව යුතු ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව රජය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.














