ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් සිතියමේ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ, රටට PayPal සේවා හඳුන්වා දීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථක මට්ටමකින් සිදුවෙමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම සේවාව ශ්‍රී ලාංකික ඩිජිටල් ව්‍යවසායකයින්ට සහ තොරතුරු තාක්ෂණ අංශයට නව දොරටු රැසක් විවෘත කරනු ඇත. මේ හරහා නිදහස් සේවකයින් බලගන්වනු ලබන බවත්, ගෝලීය වෙළඳපොළේ තම සේවාවන් අලෙවි කරන දක්ෂ තරුණ පරම්පරාවට තම ආදායම සෘජුව සහ ආරක්ෂිතව මෙරටට ගෙන ඒමට ඇති බාධක ඉවත් කරන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.ෙ
විදේශ විනිමය උත්පාදනය කිරීම හරහා තොරතුරු තාක්ෂණ අපනයන අංශය හරහා රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කිරීම සඳහා සෘජු දායකත්වයක් ලබා දෙන බවත් අමාත්‍යාංශය පවසයි.
මෙම සේවාවේ තවත් අරමුණක් වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ඩිජිටල් ව්‍යවසායකයින්ට ලෝකයේ ඕනෑම රටක පාරිභෝගිකයින්ට තම නිෂ්පාදන පහසුවෙන් අලෙවි කිරීමට අවස්ථාව ලබා දීම සහ ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු ප්‍රචලිත කිරීමට සහ මූල්‍ය තාක්ෂණ අංශයේ නවෝත්පාදනයන් දිරිමත් කිරීමට දායක වීමය.
















