කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (07) දින රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි අද දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද, වයඹ, දකුණ, බස්නාහිර, නැගෙනහිර පළාත්වලත් වව්නියා දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු 01.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින අතර ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.














