කලුතර ප්‍රාදේශීය කාර්යාලයේ ගින්නෙන් කිසිම හානියක් නෑ – දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ඊයේ (අප්‍රේල් 30) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් දෙපාර්තමේන්තුවේ මධ්‍යම දත්ත පද්ධතියට කිසිම හානියක් සිදුව නැතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පී.එච්. ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

මෙම පද්ධතිය ප්‍රධාන කාර්යාලය විසින් කළමනාකරණය කරනු ලබන අතර බදු පරිපාලන දත්ත අවදානමට ලක් වී නොමැති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා පොලිසිය සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website