
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ ඉහළම විදේශගත ජනගහන 10 අතරට පැමිණ ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව හෙළිවෙයි.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපන් ජනගහනය (Sri Lankan-born population) 2025 මැද භාගය වන විට ඇස්තමේන්තුගත 184,800 දක්වා ළඟා වී ඇති අතර එය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තා හෙළි කරයි.
2024 ජුනි මාසයේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපන් ජනගහනය 172,800 සහ 2023 ජුනි මාසයේදී 158,300ක් ලෙස වාර්තා විය.
සමස්තයක් වශයෙන්, පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ උපන් ජනගහනය සැලකිය යුතු ලෙස පුළුල් වී ඇති අතර, 2013 දී 110,000 කට වඩා වැඩි ප්‍රමාණයක සිට 2025 දී 184,800 කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබේ.
නවතම ඇස්තමේන්තු මත පදනම්ව, ඉන්දියාවේ උපන් පදිංචිකරුවන් දැනට 971,02ක් ඕස්ට්‍රේලියාවේ විශාලතම විදේශගත ජනගහන කණ්ඩායම වන අතර, 979,959ක් නියෝජනය කරමින් එංගලන්තය දෙවන ස්ථානයට පත්ව ඇත. සෙසු ස්ථාන පිළිවෙළින් චීනය, නවසීලන්තය, පිලිපීනය, වියට්නාමය, දකුණු අප්‍රිකාව, නේපාලය, ශ්‍රී ලංකාව සහ මැලේසියාව වේ.
source: newswire.lk













