බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සහ අනුග්‍රාහකත්වය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජුලි 25 වැනිදා සිට අගෝස්තු 16 වැනිදා දක්වා පැවැත් වේ.
දළදා පෙරහැරට පසු මෙරට පැවැත්වෙන ප්‍රධානම පෙරහැර මංගල්‍යය අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙවරද රජයේ සහාය ඇතිව පැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව මහාභාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව මහාභාරකාර දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, වරාය අධිකාරිය, ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන රැසක මූල්‍යමය සහාය මේ සඳහා ලබා ගැනීමටද තීරණය කෙරිණි.















