ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අද (24) දින සිට ඇරඹේ

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අද (24) දින සිට ආරම්භ වන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ ය.

ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ලෝක ප්‍රතිශක්තිකරණ සතියේ ප්‍රධාන ඉලක්කය වන්නේ එන්නත් කිරීම මඟින් වළක්වා ගත හැකි රෝගවලින් වැඩි පිරිසක් සහ ඔවුන්ගේ ප්‍රජාවන් ආරක්ෂා කිරීමයි.

සියලුම වයස්වල පුද්ගලයින් රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා එන්නත් භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ සාමූහික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය ඉස්මතු කිරීම එහි අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website