‘එහි පස්සිකෝ’ සාම පාගමන: මාතලේ අළුවිහාරයට වැඩම කළ හිමිවරුන්ට ගෞරවණීය පිළිගැනීමක්

ලෝක සාමය පතා සිදු කරන “එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ වී අද දිනයේ ආවරණය කිරීමට නියමිත දුර ප්‍රමාණය වූ 45kmක පමණ දුර ගමනේ යෙදී මාතලේ අලුවිහාරයෙන් අවසන් කෙරිණි. පාගමනේ යෙදෙන හිමිවරුන් ඇතුළු පිරිස දැකබලා ගැනීමට පැමිණි දහස් ගණනක් වූ සැදැහත් ජනකාය උන්වහන්සේගේ ගමන පහසු කරනු සඳහා මඟ දිග කෙසෙල් කොළ අතුරා තිබූ අතර සිහිල් ජලය ඉස රත් වූ මඟ සිහිල් කරන්නටද කටයුතු කළෝය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website