එක්සත් ජනපද නියෝජිත පිරිස පාකිස්තානයට යන බව ට්රම්ප් නිව්යෝර්ක් පෝස්ට් වෙත පැවසුව ද, ඉරානය සාකච්ඡාවලින් වැළකී සිටීමට ගත් තීරණය “වෙනස් කර නැත” යනුවෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ඉරානයේ දැඩි මතධාරී ටස්නිම් ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
ටස්නිම් වාර්තාවට අනුව, එක්සත් ජනපද නාවික අවහිර කිරීම “සාකච්ඡාවලට දැඩි බාධකයක්” ලෙස පවතී.
ඉරානය “මිලිටරි ගැටුමකට සහ නැවත වරක් එක්සත් ජනපදයට දඬුවම් කිරීමට සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටී” යනුවෙන් එහි සඳහන් වේ.
ටස්නිම් සිය වාර්තාවේ කිසිදු නිලධාරියෙකු ඔවුන්ගේ මූලාශ්රය ලෙස නම් කර නොමැති අතර, ඉරානය සාකච්ඡාවලට සහභාගී වේද නැද්ද යන්න අපට තවමත් දැකගත නොහැක.
බීබීසී ඇසුරිණි














