ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ / WHO ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් අද (20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වී මෙරට සෞඛ්‍ය පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) පිටුවීමේ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා කරන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීමකට අනුව මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ ඇති අතර, එම විශේෂඥ කණ්ඩායම අද සිට ලබන 24 දින දක්වා දිවයිනේ රැඳී සිටිමින් සිය අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත මෙම විශේෂඥ කණ්ඩායම සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවට එක් විය.
මෙහිදී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” දහසක් පිහිටුවීමේ නියමු ව්‍යාපෘති සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳවත්, එම නියමු වැඩපිළිවෙලේ සාර්ථකත්වය සහ අභියෝග පිළිබඳවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නියෝජිත පිරිසට කරුණු පෙන්වා දෙන ලදි.
මෙම මධ්‍යස්ථාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බෝ නොවන රෝග (NCD) පාලනය කිරීම, රෝග කල්තියා හඳුනා ගැනීම සහ ග්‍රාමීය මට්ටමින් ජනතාවට වඩාත් සමීප, ගුණාත්මක සහ කඩිනම් සෞඛ්‍ය සේවාවක් ලබාදීම බව සාකච්ඡාවේ දී අවධාරණය කළ අමාත්‍යවරයා බෝ නොවන රෝග පරීක්ෂාව, පිළිකා කල්තියා හඳුනා ගැනීම, වැඩිහිටි හා සහන සත්කාර, විශේෂිත සායන, පෝෂණ හා උපදේශන සේවා, රසායනාගාර පරීක්ෂණ එම මධ්‍යස්ථාන මගින් ලබාගත හැකි සේවාවන් බව ද කාර්ය මණ්ඩලය සහ ව්‍යාපෘතියේ ව්‍යාප්තිය පිළිබඳව ද කරුණු අවධාරණය කරන ලදි.















