කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) ප.ව. 3.30ට නිකුත් කළ නිල නිවේදනයට අනුව උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් හෙට (19) ඇතැම් ප්‍රදේශ වල උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකිය.
උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම එනම් ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.















