බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සදහන් කළේය.

අද (13) සහ හෙට (14) යන දෙදින තුළ එම අවස්ථාව ලබාදී ඇති බව ඔහු වැඩි දුරටත් හෙළි කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව සියලු බන්ධනාගාරවලට අදාළව මෙම විශේෂ අවස්ථාව ලබා දී ඇති අතර රැදවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හෝ රස කැවිලි පාර්සලයක් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැදවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමට අවසර ලබා දී ඇති බව ද ගජනායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website