නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලකෙන ජනප්‍රිය ගායිකා ආශා බෝස්ලේ අද (12) අභාවප්‍රාප්ත වූවාය. ඇය මිය යන විට 92 වැනි වියේ පසු වූවාය.
හෘදයාබාධ හා ශ්වසන ආබාධ ඇතිවීමෙන් ඇය පසු සෙනසුරාදා මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කළ අතර එදින රාත්‍රියේ ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.
බෝස්ලේගේ පුත් ආනන්ද් අද (12) දහවල් තම මවගේ මරණය තහවුරු කළේය. අවසන් කටයුතු හෙට (13) සිදු කෙරේ.
















