පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල හදිසි අවශ්‍යතා ඇති අයදුම්කරුවන් සඳහා අද (08) දින සිට එක්දින සේවාවක් යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සඳහා ජාතික හැඳුනුම්පත් විස්තර සත්‍යාපනය කිරීම සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර මෙම කාලය තුළ විකල්ප ක්‍රම අනුගමනය කරන ලෙස අදාළ ආයතනවලට උපදෙස් දී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාල දෙකෙහිම සියලුම මහජන සේවා සහ කාර්යාල මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු නවතා තබන බව ද නිවේදනයේ සඳහන් වන අතර පරිගණක පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වූ පසු, සියලුම සේවාවන් බාධාවකින් තොරව නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද එහි වැඩි දුරටත් සඳහන් වේ.













