ගෝලීය වෙළෙඳපොළේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට අනුකූලව දේශීය ඉන්ධන සහ විදුලි ගාස්තු සකස් කිරීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට තීරණය කළ බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මැදපෙරදිග ගැටුමෙන් මතුව ඇති වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන, ගෝලීය ඉන්ධන මිල 20% සිට 35% දක්වා ඉහළ ගොස් ඇති බවත්මෙවැනි පෙර නොවූ විරූ මිල වැඩිවීමක් හමුවේ, පෙර ක්‍රම භාවිතා කරමින් දේශීය ඉන්ධන සහ විදුලි බිල්පත් සකස් කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“මේ අභියෝගයට මුහුණ දීමටයි නව ක්‍රමයක් සංවර්ධනය කරන්නේ. අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට අවම බලපෑමක් සහතික කිරීම සඳහා මෙම නව යාන්ත්‍රණය නිර්මාණය කරනවා. එසේම මෙම නව රාමුව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ද දැනුවත් කිරීමට පියවර ගන්නවා” මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.













