අද සූර්යා මුදුන් වන ප්‍රදේශ මෙන්න

අද (07) දින දහවල් 12:13 ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැලියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සහන් වේ.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද (07) දින දහවල් 12:13 ට දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැලියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website