පොහොර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නවා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

වෙළඳපොළේ පොහොර මිල පාලනය කර ගොවීන්ට සාධාරණ මිලකට පොහොර ලබා දීමේ අරමුණින් රජයේ මැදිහත්වීමෙන් නව කෝටා ක්‍රමයක් (QR) හඳුන්වා දෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ පැවසීය.

වෙළඳපොළේ පොහොර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත්තා. මේ හරහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා. මෙම කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. මේ අතර, අතිරේක යූරියා පොහොර තොග ආනයනය කිරීම සඳහා දැනටමත් මුදල් වෙන් කර තිබෙනවා. මෙම තත්ත්වය තුළ, යල කන්නය ආරම්භයේදී ගොවීන්ට පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම ලබා දීමට සුදුසු පියවර ගන්නවා” කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website