භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් – මාධ්‍ය සහෘදයා සමුගනී ! – රතුඉර පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සංවේගය

භක්ති මියයන විට 47 වැනි වියේ පසු විය.

භක්තිගේ දේහය හෙට (04) පස්වරුවේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු එළැඹෙන සඳුදා (06) පස්වරු 5.00ට දඩල්ල පොදු සුසාන භුමියේ දී සිදු කෙරේ.

ගාල්ලේ උපත ලද භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙක් වන අතර ඔහු දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස පුවත්පත් කලාවට එක්වූ පසුව දිනමිණ හා රිවිර යන පුවත්පත්වලද සේවය කළේය.

සහෘදයාණෙනි, ඔබට නිවන් සුව !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website