අප්‍රේල් 01 වැනිදා සිට සිදුවන විදුලි ගාස්තු වැඩිවීමට ප්‍රතිචාර වශයෙන්, අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
බත් පැකට් සහ කොත්තු මිල රුපියල් 30කින් ද කෙටි ආහාර රුපියල් 10කින් ද ඉහළ යනු ඇති අතර, කිරි තේ සහ ප්ලේන් ටී එකක මිල රුපියල් 05කින් ඉහළ දමන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ඉහළ මෙහෙයුම් පිරිවැය පියවා ගැනීම අරමුණු කරගනිමින්, මෙම මිල ගැලපුම් කරන බව ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.















