කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 මාර්තු 31 දිනය සඳහා වලංගු වන පරිදි, 2026 මාර්තු 30 දින ප.ව. 03.30 ට නිකුත් කරන ලද නිල නිවේදනය.
බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් ‘උණුසුම් දර්ශකය” එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු මට්ටමක” පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.












