
මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ සභාපති ධුරයෙන් සරත් ගනේගොඩ ඉල්ලා අස්වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය.
භාණ්ඩාගාර ලේකම් විසින් නව සභාපතිවරයෙකු පත් කරන තෙක්, ඒ.කේ.ඩී.ඩී. ඩිමල් අරන්දර මහතා ආයතන දෙකෙහිම වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර සංක්‍රාන්ති කාලය තුළ ඔහු ආයතන දෙකෙහි මෙහෙයුම් සහ පාලනය අධීක්ෂණය කරනු ඇති බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර, අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක මහතා ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වූ බව ශ්‍රීලන්කන් පැවසුවේය.















