මෙරට වැඩිහිටියන්ගෙන් 50%ක් කිසිදා දන්ත වෛද්‍යවරයෙකු හමු වී නැහැ – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

මෙරට වැඩිහිටියන්ගෙන් 50% ක් පමණ කිසිදා දන්ත වෛද්‍යවරයෙකු හමුවී නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේය.

දන්ත වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ප්‍රගතියක් තිබියදීත්, දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අසමානව පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්නා දුන්නේය.

පසුගිය දා ගාලු මුවදොර පිටියේ පැවති ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීමේ ජාතික උත්සවයේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ අය රෝග ලක්ෂණ මතු වූ පසු පමණක් ප්‍රතිකාර ලබා ගන්නා බවයි.

“එය දුර්වල මහජන දැනුවත්භාවය හේතුවෙන් ඇති බව තත්ත්වයක්” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website