ඉන්ධන මිල ඉහළ දැම්මත් සංස්ථාවට දැවැන්ත පාඩුවක් – ඛනිජ තෙල් සභාපති

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයකින්ම සංස්ථාවට සැලකිය යුතු පාඩුවක් සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පවසයි.

ඩීසල් ලීටරයකින්ම රජයට රුපියල් 204ක පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 32ක පාඩුවක් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

රාජකරුණාටඅනුව, ඩීසල් ලීටරයක සත්‍ය මිල රුපියල් 586.56ක් වුවත් වර්තමාන මිල රුපියල් 382කි. ඒ අනුව ඩීසල් ලීටරයකට රජයට රුපියල් 204.56 ක පාඩුවක් සිදුවෙමින් පවතී.

පෙට්‍රල් ලීටරයක සත්‍ය මිල රුපියල් 430ක් වන අතර වර්තමාන අලෙවි  මිල රුපියල් 398කි. ඒ අනුව අලෙවි කරන සෑම පෙට්‍රල් ලීටරයකින් රජයට රුපියල් 32ක පාඩුවක් සිදුවෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website