QR Code භාවිතය සම්බන්ධ රජය විසින් ගෙන ඇති නව ප්‍රතිපත්තිමය තීරණයක් යටතේ QR කේත පද්ධතිය හරහා ජාතික හැඳුනුම්පත් අංකයක් සහ දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක අවධාරණය කළේය.
බහු වාහන හිමි පුද්ගලයින් සඳහා, BR (ව්‍යාපාර ලියාපදිංචිය) නමින් වෙනම කාණ්ඩයක් හඳුන්වා දී ඇති බව ද ඔහු පැවසුවේය.
“අපි ජාතික හැඳුනුම්පතක් සහ ජංගම දුරකථන අංකයක් සඳහා එක් වාහනයක් පමණක් ලියාපදිංචි කිරීමට ඉඩ සලසන ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.












