
අද (15) දින පෙරවරු 06.00 සිට බලාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සදහා QR Code බලාත්මක කරන බවත්, ඒ් අනුව කිසිම හේතුවක් මත මෙම ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් නොකරන බලශක්ති අමාද්‍යාංශය අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. න්ධන නිකුත් කිරීම සදහා ජාතික ඉන්ධන අවසර පද්ධතිය (QR Code) ක්‍රියාත්මක කිරීම
මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය ත්තත්වය නිසා දිනෙන් දින ඉන්ධන සැයපුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත්, රට තුළ ඉන්ධනම ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීමත් හේතුවෙන් අප සතුව පවතින තෙල් සංචිත රටේ ආර්ථික කටයුතු පවත්වා ගෙන යාමට ප්‍රවේශසම්කාරී ලෙස කළමනාකරණය කළ යුතුව ඇත.
වර්ධනය වී ඇති අසාමාන්‍ය ඉල්ලුමට ප්‍රධාන හේතුව වශයෙන් ඇතැම් පිරිස් විසින් අනීතික ලෙස ඉන්ධන තොග රැස් කිරීමේ ජාවාරම්වල නිරත වීම හදුනා ගනු ලැබෙ තිබේ. එබැවින්, ජාවාරම්කරුවන්ගේ මෙම ක්‍රියාවන් මැඩපවත්වමින් සාමාන්‍ය ජනජීවිතය සහ රටේ ආර්ථික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම රජයේ අපේක්ෂාවයි.
ඒ අනුව අද (මාර්තු 15) දින පෙරවරු 06.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල දී ලැනීම සදහා QR Code ක්‍රමය බලාත්මක කරනු ලැබේ.
QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම QR කේතය භාගත කළ හැකිය.
QR කේතය ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින්
1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:
i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.
ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,(15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.
02. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:
i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.
මෙලෙස ලියාපදිංචි වීමෙන් පසුව සතියකට ඉන්ධන ලබා ගත හැකි අතර එම ලීටර ප්‍රමාණය පහතින්,
- බස් රථ- ලීටර් 60
- මෝටර් සයිකල් – ලීටර් 05
- වෑන් රථ – ලීටර් 40
- මෝටර් රථ – ලීටර් 15
- මෝටර් ලොරි – ලීටර් 200
- ඉඩම් වාහන – ලීටර් 25
- මෝටර් ත්‍රීරෝද රථ- ලීටර් 15
- විශේෂ කාර්ය වාහන- ලීටර් 40
- ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5
එමෙන්ම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ සම්බන්ධව බලශක්ති අමාතශාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,












