2026 වසරේ මේ දක්වා දිවයින පුරා මී උණ රෝගීන් 1,800ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රත්නපුර, ගාල්ල, කෑගල්ල, කළුතර සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් අස්වනු නෙළන කාලය ආරම්භ වීමත් සමඟ මී උණ පැතිරීමේ අවදානම වැඩි වන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇඟවූවේය.
















