‘සොරෙක් ඔබේ නිවසේ ගෘහ සේවකයෙකු නොවන්න’ මේ කරුණු ගැන අවධානය යොමු කරන්න

ඇතැම් විට සොරෙකු ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට ‘සේවකයෙකු’ ලෙස ඇතුළු විය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විශේෂ දැනුවත් කිරීමේ පුවතක් ලෙස මහජනතාවට සිහිපත් කර දෙයි.

පොලිස් facebook page අද (14) ශ්‍රී ලංකා පොලිසිය විසින් තබා තිබූ සටහන ජාතික වගකීමක් ලෙස සලසා අප ද යළි ප්‍රචාරය කරමු.

මිරිහාන,මහරගම,දෙහිවල, ගල්කිස්ස  වැනි කොළඹට ආසන්න තදාසන්න ප්‍රදේශවල නිවෙස් හිමියන් ගෘහ සේවය සඳහා මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා සේවක සේවිකාවන් සොයා ගැනීම බොහෝ විට නියෝජිත ආයතන මගින් හෝ තැරැව්කරුවන් මගින් සිදුකරගනී.

ඇතැම් අවස්ථාවල එම සේවකයින් අදාල නිවසේ හිමිකරුවන්ගේ මුදල්, රන් ආභරණ, දේපල හා විදේශීය මුදල් ඇතුළු වටිනා දේ සොරකම් කර පළා ගිය අවස්ථා අවස්ථා පිළිබඳව වාර්තා වන බැවින් යම් අයෙකු සේවකයෙකු ලෙස බඳවා ගන්නේ නම් පහත සඳහන් මගපෙන්වීම් සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව දැනුම් දෙන්නෙමු.

  • සේවයට බඳවා ගැනීමට පෙර ඔහුගේ හෝ ඇයගේ පසුබිම පරීක්ෂා කරන්න.
  • ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාරූප පිටපතක් ලබාගෙන එහි මුල් පිටපත පරීක්ෂා කර සත්‍ය  පිටපතක් බව තහවුරු කර ගැනීම.
  • ස්ථිර හා තාවකාලික පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ඔහු හෝ ඇය සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා ගන්න.
  • පවුලේ සාමාජිකයන්ගේ දුරකථන අංක ඉල්ලාගෙන තහවුරු කරගන්න.
  • නිවසේ රන් ආභරණ, මුදල් සහ වටිනා ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක සඟවා තබාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website