IRIS DENA නාවිකයින්ගේ මෘතදේහ රැගත් යානය මත්තලින් ඉරානය බලා පිටත් වෙයි

පොලිස් ආරක්ෂාව මැද මෘතදේහ ප්‍රවාහනය කරන අයුරු

ඉරාන  නාවික හමුදාවට  අයත් ‘IRIS DENA’ නෞකාවට එක්සත් ජනපද නාවික හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු රැගත් විශේෂ ගුවන් යානය අද (13) රාත්‍රී 09.29ට මත්තල ගුවන් තොටුපොළින් ඉරානය බලා පියාසර කළ බව ඉරාන තානාපති කාර්යාලය ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මෙම මෘතදේහ ඉරානයට යැවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කළ බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර ඒකක දෙකක තබා තිබූ මළ සිරුරු 84, අධිකරණ නියෝගයකින් පසු ලොරි රථයකින් මත්තලට ප්‍රවාහනය කරන ලදී. අද අළුයම මළ සිරුරු හතළිස් පහක් රැගෙන ගිය අතර ඉතිරි 39 අද දහවල් ප්‍රවාහනය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website