විදුලිබල අංශයේ වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 09 වැනි දා සිට දියත් කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ය අත්හිටුවීමට තීරණය කර ඇත.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ අලුතින් පිහිටුවන ලද විදුලිබල සමාගම්වල කළමනාකාරිත්වය සමඟ අද (10) සවස පැවති සාකච්ඡාවලින් පසුව වෘත්තීය සමිති නියෝජිතයින් ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන ලදී.
මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා වෘත්තීය සමිතිවලට අවස්ථාවක් ලබා දෙන බවට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පොරොන්දු වී ඇති බව ද වාර්තා වේ.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000කට වඩා වාර්තා වී තිබේ.












