IRIS Dena නෞකාවේ මළ සිරුරු 84 ඉරාන බලධාරීන්ට භාරදෙන ලෙස අධිකරණ නියෝගයක්

පසුගිය දා එක්සත් ජනපද ප්‍රහාරයකින් විනාශයට පත් වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ නාවිකයින්ගේ මෘත දේහ 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත අද (11) නියෝග කළේය.

ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම මෘත දේහ මේ වන විට  ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website