පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්

පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (08) දින මහජනතාව වෙත දැනුම්දීමක් කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියට පිවිස www.police.lk හරහා E-service යොමුවට පිවිස Clearance Certificates යන්න තෝරාගෙන අදාළ අයදුම්පත සම්පූර්ණ කර නිෂ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ සලසා දී ඇත.

විදේශගතව සිටින පුරවැසියෙකු පොලිස් නිශ්කාශන වාර්තාවක් නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට රුපියල් 5,100ක මුදලක් ගෙවිය යුතු වන අතර, ඊට අදාළ මුදල් ලදුපත ලැබීමෙන් පසු දින 14ක් වැනි කාලයකදී තම පොලිස් නිෂ්කාශන වාර්තාව ලබා ගැනීමේ හැකියාව ඇති බව මෙම නිවේදනයේ සඳහන් වේ.

දේශීය හා විදේශීය පුරවැසියන් විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාළ වන ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් නිරන්තරයෙන් විමසීම් සිදුකරන බව ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website