අහෝසි කෙරෙන ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙට පිහිටුවනු ලැබූ විදුලිබල මණ්ඩලයේ සමාගම් 6න් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කර ඇති අතර අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු අවසන් වීමත් සමඟ විදුලිබල මණ්ඩලය යටතේ එහි සේවකයින් පිහිටුවා තිබූ වෘත්තිය සමිති සියල්ල ද අහෝසි වේ.
අලුතින් පිහිට වනු ලබන නව සමාගම් සඳහා පත්කර ඇති නව සාමාන්‍යාධිකාරීවරුන් වන්නේ,
- ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම – ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න මහතා,
- ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම – ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ මහතා,
- විදුලි බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම -ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර මහතා.
මෙම පත් කිරීම් මාර්තු 06 වැනි දින සිදුකර ඇත.













